2026 අයවැය අද පාර්ලිමේන්තුවට

2026 අයවැය අද පාර්ලිමේන්තුවට

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව, අද පස්වරු 1.30ට මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන ඇමති ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට (2025 නොවැම්බර් 08 වැනිදා) සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn