රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කර ගැනීමේ මූලිකයෙකු ලෙස කටයුතු කළ සහ පසුව ඔහු යටතේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ දිනේෂ් ගුණවර්ධන වසර 8කට පමණ පෙර මහ බැංකු කොල්ලය පිළිබඳව මහ හඬින් කළ කතාවක් මේ දිනවල නැවත සමාජ මාධ්‍යය තුළ ඉදිරියට පැමිණ තිබේ.
බැඳුම්කර කොල්ලය පිළිබඳව එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන විසිනි. එම විවාදයට එක් වූ බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ බැඳුම්කර කොල්ලය නිසා සමස්තයක් ලෙස රජයට සිදු වූ මූල්‍ය අලාභය රුපියල් කෝටි 200,000කට ආසන්න බව ය.
එදා දෙපිල බෙදී එකිනෙකාට “හොරා” යනුවෙන් චෝදනා කර ගත් ඔවුන් මේ වනවිට එකම පිලකට ගොනු වී සිටිති.
476










