සුහුරු රාජ්‍ය සේවා ස්ථාන දිරි ගැන්වීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව Huawei Sri Lanka සමාගම විසින් පරිත්‍යාග කළ Ideahub ගුරු අභ්‍යාස විද්‍යාල වෙත පරිත්‍යාග කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය 30 වනදා පෙරවරුවේ සිදු විය.
මේ අනුව සංකේතාත්මක ලෙස ගුරු අභ්‍යාස විද්‍යාල 10ක් වෙත Ideahub ලබා දීම සිදු කෙරිණි.
මෙරට රාජ්‍ය ආයතන වෙත Ideahub ලබා දීමේ වැඩසටහන Huawei Sri Lanka සමාගමේ තාක්ෂණික අංශය මගින් ආරම්භ කර ඇති අතර, මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව එම සමාගම පවසයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, Huawei Sri Lanka ආයතනයේ අධ්‍යක්ෂ (මහජන සබඳතා සහ සන්නිවේදන) Rao Yuanjun, ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) ඉරෝෂිණි කේ. පරණගම, නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන) එන්.එල්.සී.පී ඉන්දික, Huawei Sri Lanka සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුරු අභ්‍යාස විද්‍යාලවල පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


















