මහා ඛේදවාචකයෙන් කියා ගන්න බැරි තරම් මනුස්සකමක් ඉස්මතු වෙයි

මහා ඛේදවාචකයෙන් කියා ගන්න බැරි තරම් මනුස්සකමක් ඉස්මතු වෙයි

ඊයේ (04) රාත්‍රියේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරෙන් විපතට පත් වූවන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වූ ප්‍රදේශවාසීන් අතරින් එක් අයෙකු අභාග්‍යසම්පන්න ලෙස ප්‍රපාතයට වැටී මිය ගොස් ඇත.

අනතුරට පත් වූවන් ගලවා ගැනීම සඳහා යොදා ගත් කඹය කැඩී යාමෙන් ඔහු ප්‍රපාතයට වැටී ඇත. අනතුර නිසා ජීවිතක්ෂයට පත් වූ පිරිස 17ක් දක්වා ඉහළ ගොස් ඇත.

වන්දනා ගමනක් ගොස් ආපසු යමින් සිටි තංගල්ල නගර සභාවේ පිරිසක් එම අනතුරට මුහුණ දී තිබේ. රියදුරුගේ අපරික්ෂාව, බස් රථය ධාවනයට නුසුදුසු තත්වයේ පැවතීම වැනි කරුණු නිසා මෙම අනතුර සිදු වී ඇතැයි මත පළ වෙමින් තිබේ. මෙවැනි අනතුරක දී ශ්‍රී ලාංකිකයන් සහකම්පනයකින් යුතුව දැඩි කැප කිරීමෙන් ක්‍රියා කරන අයුරු ප්‍රශංසනීය බව තම දිවි පරදුවට තබමින් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ඉදිරිපත් වන්නන් ඔප්පු කර තිබේ.

Facebook
Twitter
LinkedIn