නාමල් රාජපක්ෂ විපක්ෂ නායක වීමේ භූමිකාවකට මුල පුරමින් සිටි ඇති අතර, ක්ෂණිකව එය වෙනස් කර ඇති බව හෙළි වී තිබේ.
රනිල් වික්‍රමසිංහ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ විපක්ෂයේ සියළු දෙනා ඒකරාශී කර ඇත්තේ නාමල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් බව හෙළි වී ඇත. එහෙත්, මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමෙන් පසුව, ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගෙන රාජපක්ෂ පවුලේ බල ව්‍යාපෘතිය බලෙන් විපක්ෂය මත පටවා ඇත.
එයට උරණ වූ විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් නාමල් රාජපක්ෂව අත්හැර දමා ඇති බවත්, ඒ නිසා ම, රනිල් වික්‍රමසිංහ හුදකලා වූ ආකාරයෙන් ම, නාමල් රාජපක්ෂ හුදකලා වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සමුළුව පිළිබඳ ප්‍රශ්නය තුළින් ද එය තහවුරු වී ඇතැයි නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
මේ පිළිබඳව විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට ප්‍රහාරාත්මක ප්‍රතිචාර දක්වමින් සිටින අතර, චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ඒ අතර පෙරමුණ ගෙන ඇතැයි වාර්තා වේ.










