ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එරෙහිව සුන්බුන් විපක්ෂය ඒකාබද්ධ කිරීමට උත්සාහයක් දැරූ නමුත් මේ වනවිට තාවකාලිකව එකතු වූ එම පක්ෂවල සමගිය පුවක් වල්ලක් පොළොවේ ගැසූ ආකාරයට විසිරී ගොස් ඇති බවත්, ඇතැම් පක්ෂවල අභ්‍යන්තරයේ පවා අලුතින් පුපුරා යාම් සිදු වී ඇති බවත් වාර්තා වේ.
මෙහි වඩාත් බරපතළ ප්‍රතිවිපාක අත්පත් වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ එහි සිටින රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් කිහිප දෙනෙකු වෙත ය. මේ වනවිට වාර්තා වන තොරතුරු අනුව, එම පක්ෂය පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර උත්සවය කල් දැමීමට සිදු වී ඇත්තේ ද අභ්‍යන්තරයේ හට ගත් නව ගැටුම් හේතුවෙන් ය. රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන ප්‍රබල ප්‍රතිසංස්කරණ මාලාවක් පක්ෂය තුළ සිදු කළ යුතු බවට යෝජනා කර ඇත. නමුත්, අඛිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරල සහ රනිල් වික්‍රමසිංහ ඊට වෙනස් මතයක් දරමින් මේ අවස්ථාවේ දී එවැනි ප්‍රතිසංස්කරණවලට නොයා විපක්ෂ සන්ධානයක් ගොඩ නැගීමට මෙම අවස්ථාව යොදා ගත යුතු බවට දැඩි ලෙස ප්‍රකාශ කර ඇත.










