අධිකරණ ක්ෂේත්‍රයේ පෙරළියක්

අධිකරණ ක්ෂේත්‍රයේ පෙරළියක්

මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් විසඳා ජනතාව යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටින ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙකු පත් කර ඇත.

මේ සම්බන්ධ පත්වීම් ලිපි අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රදානය කරනු ලැබීය. ඊට අමතරව, අධිකරණ සේවයේ විශේෂ පංතියේ සේවයේ නියුතු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 17 දෙනෙකු සහ රජයේ ජේෂ්ඨ නීතිඥවරියක නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙසින් පත්වීම් ලබා ඇත.

විශේෂයෙන් ම, රාජපක්ෂ පාලන සමය තුළ දරුණු ලෙස අධිකරණ ක්ෂේත්‍රය දේශපාලන අධිකාරියට යට කර තිබූ අතර, ජේආර් ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාලනයට මුළුමනින් ම යටත් කළ නොහැකිව තිබූ අගවිනිසුරු තනතුර පවා දේශපාලන බලයට යට කර තිබිණි. එම තත්වයෙන් අධිකරණ ක්ෂේත්‍රය මුදවා ගනිමින් ජනතාවගේ මෙන් ම, එම ක්ෂේත්‍රයේ සේවයේ නියුතු වූවන්ගේ ද ප්‍රසාදයට පත් කෙරෙමින් නව පත් කිරීම් ලබා දී ඇත.

පත්වීම් ලැබූ විනිසුරුවරු පිළිබඳව සවිස්තර පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn