ලබන සැප්තැම්බර් 06 වෙනි දින එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උත්සවය පැවැත්වීමට යොදා ගෙන තිබුණ ද දින නියමක් රහිතව කල් දැමීමට සිදු වී තිබෙන්නේ සුන්බුන් විපක්ෂයේ ගැටීම් තීව්‍ර වීමත් සමඟ බව දේශපාලන ආරංචි මාර්ගවලින් හෙළි වෙයි.
රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාඨලී චම්පික රණවක ඇතුළු සුන්බුන් පක්ෂ සියල්ල එකම වේදිකාවට එකතු විය. එහෙත් එම ඒකාබද්ධ වීම සති දෙකක් තරම් කාලයක් වත් පවත්වා ගත නොහැකි වීමෙන්, විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ ඔසවා පොළොවේ ගැසීම වැනි තත්වයකට පත් වී ඇති බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දී තිබේ.
ආණ්ඩුවට එරෙහිව විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යාම හැර විපක්ෂයේ පක්ෂවල අභ්‍යන්තර කටයුතු පවා නිසි ආකාරයෙන් පවත්වා ගෙන යාමට නොහැකි තරම් බිඳී ගොස් ඇති බව වඩාත් හොඳින් තහවුරු වෙන අවස්ථාවක් ලෙස දින නියමයක් නොමැතිව එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උත්සවය කල් දැමීම තුළින් පැහැදිලි වන්නේ යැයි එම නිරීක්ෂකයන් වැඩි දුරටත් පෙන්වා දෙති.










