කැඩුණු වයලීනයක් හිමි තරුණිය සහ ජනාධිපති අනුර

කැඩුණු වයලීනයක් හිමි තරුණිය සහ ජනාධිපති අනුර

එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු ප්‍රමුඛ දේශපාලන මැරයන් විසින් 1981 දී යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ 1988 දී ඇඹිලිපිටිය සිසු ඝාතනය යන අපරාධ මූලික කර ගනිමින් ‘වයලීනයේ හඬ’ යනුවෙන් නිර්මාණය කරන ලද ඒකාංගික ටෙලි නාට්‍යයක් 2020 ජනවාරි මාසයේ දී ජාතික රූපවාහිනියෙන් විකාශනය කරනු ලැබීය.

ජාතික සමගිය ගොඩ නැගීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවල තවත් සන්ධිස්ථානයක් ලෙස යාපනය පුස්තකාලය ඩිජිටල්කරණය කිරීම සහ උතුරු පළාතේ පුස්තකාල ගණනාවක් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පවතී. එමෙන් ම, ශ්‍රී ලාංකික දිනය යනුවෙන් දිනයක් ද නම් කර යළි කිසි දිනෙක ජාතිවාදී ගැටුම්වලට ඉඩ නොදෙන ආකාරයෙන් කටයුතු දියත් කර තිබේ.

මෙවැනි පසුබිමක, වයලීනයේ හඬ ටෙලි නාට්‍යය කෙරෙහි ගැඹුරු අවධානයක් යොමු කළ යුතු බව මෙන් ම, දේශපාලන කුහක බෙදීම් පසෙක ලා මානවවාදී ක්‍රියාමාර්ග වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දිය යුතු බව විචාරකයින් පෙන්වා දී තිබේ. නිලංක දසනායක පිටපත රචනා කර, සංතුශ ලියනගේ අධ්‍යක්ෂණය කළ වයලීනයේ හඬ ටෙලි නාට්‍යය පිළිබඳව නැවත අවධානය යොමු කිරීම සඳහා එය පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්