නාමල්, ගම්මන්පිල සමඟ එකට කෙඳිරි ගන්නා පටන් අරන්

නාමල්, ගම්මන්පිල සමඟ එකට කෙඳිරි ගන්නා පටන් අරන්

නාමල් රාජපක්ෂ සහ උදය ගම්මන්පිල යන දෙදෙනා ම අලුත් වටයකින් තමන්ව අත්තඩංගුවට ගැනීමේ සැකයක් පවතින බවට විවිධ ආකාරයෙන් කෙඳිරි ගෑමට පටන් ගෙන තිබේ.

නාමල් රාජපක්ෂ එලෙස අලුතින් කෙඳිරි ගෑමට පටන් ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් 5 දෙනෙකු ඉන්දුනීසියාවේ දී අත්තඩංගුවට ගෙන මෙරට රැගෙන ඒමෙන් පසුව ය. ඔහු කුඩා ජන හමුවක දී ප්‍රකාශ කර ඇත්තේ පාතාලය සමඟ සම්බන්ධකම් තිබෙන බවට චෝදනා එල්ල කරමින් තමන්ව අත්තඩංගුවට ගත හැකි බව ය.

මේ අතර, ජාතීන් අතර වෛරය ඇති කිරීමේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිලට එරෙහිව නීතිඥ අචලා සෙනෙවිරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ලට අනුව තමන්ව අත්තඩංගුවට ගැනීමෙන් වළක්වාළන මෙන් ගම්මන්පිල විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

නාමල් රාජපක්ෂ සහ උදය ගම්මන්පිල යන දෙදෙනා ම මාධ්‍ය ඉදිරියේ නොයෙකුත් වහසි බස් දොඩවමින් මහජන අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරන අතර අනෙක් පසින් නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට ද විවිධ උත්සාහයන් දරමින් සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්