මෙරට සංචාරක කර්මාන්තයේ සුවිශේෂී කඩඉමක් කරා පසුගිය අගෝස්තු මාසයේ දී ළඟා වී ඇති අතර, එම මාසය තුළ පමණක් 198,235ක් විදේශ සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.
ඒ සමඟ ම, ගෙවුණු මාස 08ක් තුළ 1,566,523 දෙනෙකු මෙරට සංචාරයට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලින් හෙළි කර ඇත. පසුගිය වසරට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී පමණක් පැමිණීමේ වර්ධනය 20.4%කි.
මේ අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවේ දී සිට පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 325,595කි. දෙවැනි ස්ථානය හිමි වී තිබෙන්නේ එක්සත් රාජධානියෙන් පැමිණි 151,141ක් වූ සංචාරකයන් ට ය. තෙවන ස්ථානය ලෙස රුසියානු ජාතිකයින් 118,916ක් පැමිණි බවට සටහන් වී තිබේ.
662










