ලබන 06 වෙනි සෙනසුරාදාට යොදා ගෙන තිබෙන එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සැමරුමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ, සහ එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකුට ආරාධනා කර තිබීමෙන් දේශපාලන අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ විපක්ෂය එක්සත් වීමේ අවස්ථාවට මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ද එක් වී සිටියහ. එහෙත්, රනිල් වික්‍රමසිංහට අධිකරණයෙන් ඇප ලබා දීමත් සමඟ සාගර කාරියවසම් සහ තවත් කිහිප දෙනෙකු යොදා ගනිමින් ජනතාව හමුවේ දැඩි ප්‍රහාර එල්ල කරනු ලැබීය.
එම තත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයට සහභාගී වීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ ගැටළුවක් මතු වී තිබෙන බව වාර්තා වේ. විපක්ෂයේ අනෙකුත් සියළුම පක්ෂ එම සංවත්සරයට සහභාගී වන අතර පොහොට්ටු පක්ෂය සහභාගී නොවුණු හොත් විපක්ෂයෙන් හුදකලා වීමේ අනතුරක් ද පවතින බව ද එම පක්ෂයේ ඇතැම් අයගේ මතය වී ඇති බව වාර්තා වේ.










