ඩයනටත් වරෙන්තු

ඩයනටත් වරෙන්තු

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇත.

විත්තිකාර ඩයනා ගමගේ වෙනුවෙන් වූ ඇපකරුවන්ටද නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn