ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවන ලද තීරු බදු තව දුරටත් පහත හෙළා ගැනීම සඳහා දිගටම සාකච්ඡා කරන බව රජය අවධාරණය කර තිබේ.
මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පෙන්වා දී තිබෙන්නේ අගෝස්තු 01 වෙනි දින දක්වා විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවයි. සාකච්ඡා මාර්ගයෙන් තව දුරටත් බදු අනුපාත අඩු කර ගැනීමට ඒ අතර ප්‍රමුඛත්වයේ පවතින බව ප්‍රකාශ කර තිබේ.
මේ අතර, ඇමරිකාවට කරන අපනයනවලින් ලැබෙන විදේශ විනිමය අඩු වීමේ අවාසිය මගහරවා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කර ඇත. මහා බ්‍රිතාන්‍යයේ ලබා දුන් තීරු බදු සහන යටතේ එරටට කෙරෙන අපනයන වැඩි කිරීම මෙන් ම ලෝකයේ වෙනත් කලාපවලට අපනයනය කරන කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ දැමීමටත් සැලසුම් කර ඇත. ඒ වෙනුවෙන් සහයෝගය ලබා ගැනීමට ඩිජිටල් කෘෂිකර්මාන්තය කෙරෙහි බිල් ගේට්ස් විවිධ ආධාර ලබා දීමට සූදානමින් සිටී.










