පාතාලයට උණ ගැනෙන මෙහෙයුම්

පාතාලයට උණ ගැනෙන මෙහෙයුම්

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු පාතාල ක්‍රියාකාරකම් මුළුමනින් ම අවසන් කිරීම සඳහා ආරක්ෂක අංශවල ඒකාබද්ධ මෙහෙයුම් ක්ෂණික විහිදුම් ආකාරයෙන් අඛණ්ඩව සිදු කරමින් පවතී.

එවැනි මෙහෙයුමක් ඊයේ (11) කැලණිය බටුවත්ත ප්‍රදේශයේ දියත් කරනු ලැබීය. එහිදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 9කට අධික ප්‍රමාණයක් සහ ගංජා කිලෝ ග්‍රෑම් 67ක් අත්තඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව, හමුදා නිල ඇඳුම්, ගිනි අවි සහ කඩු අත්තඩංගුවට ගෙන ඇත. මහජන ආරක්ෂාව තහවුරු කරන අතරම පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් ම අවසන් වනතුරු මෙවැනි මෙහෙයුම් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn