රාජපක්ෂ පවුලේ විශ්වාසවන්ත ම අයෙකු ලෙස ක්‍රියා කළ මහින්දානන්ද අලුත්ගමගේ ලබන 26 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කාබනික පොහොර ලෙස හඳුන්වමින් මිනිස් අසූචි නැවක් ගෙන්වීමට මහජන ධනය රුපියල් කෝටි 130ක් යෙදවීමේ චෝදනාව මත ඔහු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අමත්‍යංශයක මූල්‍ය කටයුතු මෙහෙයවීමේ බලය මුළුමනින් ම එහි ලේකම්වරයාට පැවරී ඇති බව ය.
දේශපාලන අවශ්‍යතා මත සිදු කරන ලද මූල්‍ය අපරාධ අමත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් වෙත පැටවීමට ඔවුන් දරන ප්‍රයත්නය මෙයින් යළිත් වරක් තහවුරු වේ.
1,052










