සජිත් තලතා ඉදිරියේ දණ ගහයි

සජිත් තලතා ඉදිරියේ දණ ගහයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වනවිට රනිල් වික්‍රමසිංහ පිල ඉදිරියේ මුළුමනින් ම යටත් වී ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබේ.

ඊයේ (19) තලතා අතුකෝරල සහ රංජිත් මද්දුමබණ්ඩාර අතර එම දෙපාර්ශවය ම නියෝජනය කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම දේශපාලනිකව දණ ගැසීමක් බව විචාරකයෝ පවසති. මහජන මුදල් මංකොල්ල කෑ හොරුන් සමඟ කිසිම අවස්ථාවක හවුල් දේශපාලනයකට නොයන බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබිණි.

එහෙත්, රනිල් වික්‍රමසිංහ අටවන ජනාධිපති වීමෙන් පසුව ද ඔහුගේ බලය රැක ගැනීම සඳහා ම මූල්‍ය අපරාධ සිදු කර ඇති ආකාරය දැන් හෙළි වෙමින් පවතී. ගිනි ගත් නිවාස වෙනුවෙන් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මහජන මුදලින් වන්දි ගෙවීම, විදේශ සංචාර සඳහා අති විශාල පිරිසක් රැගෙන යාම ආදී මූල්‍ය අපරාධ රැසක් ඒ අතර පවතී.

Facebook
Twitter
LinkedIn