GMOA වර්ජනය අත්හිටුවයි…

GMOA වර්ජනය අත්හිටුවයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල සඳහන් කළේ අද (04) දහවල් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.

“අද අපි තීරණය කළා හෙට දිනයේදී පවත්වන්නට නියමිතව තිබූ මෙම සංඛේත වැඩවර්ජනය කල්තබන්නට. මාර්තු 21 වනදා තුන්වන අයවැය කියවීම දක්වා.” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn