සියඹලාණ්ඩුවට සූර්ය විදුලිබලාගාරයක්

සියඹලාණ්ඩුවට සූර්ය විදුලිබලාගාරයක්

වසර 2030 වන විට රටේ විදුලිබල ඉල්ලුමෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ අපේක්ෂාව යටතේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපෘතියක් සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233ක භුමි භාගයක් හඳුනාගෙන තිබේ.

මෙගාවොට් 100ක මෙම සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බලශක්ති ඇමති විසින් ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Facebook
Twitter
LinkedIn