මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: තවත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය: තවත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 19 වනදා පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම කොස්තාපල් විසින් අදාළ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන්ට T-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Facebook
Twitter
LinkedIn