ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බැවින් රට තුළ ඉන්ධන බෙදා හැරීමේ කිසිදු ගැටලුවක් පැන නොනගිනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ යෝජනාවලියට ඇහුම්කන් දීම සඳහා තවත් සාකච්ඡාවක් එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කරයි.
මෙම නව සූත්‍රය තෙල් සංස්ථාව ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇති බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගිය කාළයකු තුළ ලබාගත් මුදල අනීතිකයි කියළා තහවුරු වුණා. මේ අධිකරණ තීන්දුව තෙල් සංස්ථාව විසින් නිවැරදි මොහොතේදි ක්‍රියාත්මක නොකිරීම නිසා රුපියල් බිලියන 37ක පමණ මුදලක් කොමිස් ලෙස ඒ අයට ලැබී තිබුණා. එම අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරමින් බෙදුම්කරුවන්ට යම් කොමිස් මුදලක් ලබාදිම සඳහා තෙල් සංස්ථාන නව සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමත් සමග මෙම අර්බුදය මතුවුණා.
ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබූ සූත්‍රය ක්‍රියාත්මක කරන්නට එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. ඒ එකඟතාවය අනුව ඉදිරියට කටයුතු සිදුවෙනවා. ඒ අතර තෙල් ගැනුම්කරුවන් තමන්ට අදාළ කරුණු ප්‍රමාණයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එම කරුණු සාකච්ඡා කිරීම සඳහා තෙල් සංස්තාව හදුන්වා දුන් නව සූත්‍රය ක්‍රියාත්මක වෙන අතරේ බෙදුම්කරුවන්ගේ යෝජනාවලටත් ඇහුම්කන් දීම සඳහා යළිත් වතාවක් 18 වැනිදා උදෑසන සාකච්ඡාවක් යොදාගෙන තියෙනවා. ඒ නිසා තෙල් ප්‍රශ්නයක් නැහැ. බෙදුම්කරුවන් එම සූත්‍රය අනුව කටයුතු කරනවා.”










