වැලිගම  මූලස්ථාන පොලිස් පරීක්ෂක අධිකරණයට භාර වෙයි

වැලිගම  මූලස්ථාන පොලිස් පරීක්ෂක අධිකරණයට භාර වෙයි

වැලිගම පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අධිකරණයට භාර වී තිබේ.

ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ අද (04) උදෑසනය.

එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක්ද ලැබී තිබුණි.

මාතර වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්විය.

එම වෙඩි තැබීමට අදාළව වැඩ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද වරෙන්තු කරුවෙකු වන අතර ඔහුට පොලිස් පති ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබිණි. ඒ ඔහු පොලිස්පති ධුරයට පත්වූ ආකාරය අභියෝගයට ලක්වීම හේතුවෙනි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම්ද සිල්වා ඇතුළු තවත් සැකකරුවන් 06 දෙනෙකුද මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn