පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන්ගෙන් අයදුම්පත් භාරගැනීම ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නිසිලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ලබන 12 වැනිදාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙසය.
තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාර ගැනිමේ දිනය කිසිසේත් දීර්ඝ නොකරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
තැපැල් ඡන්ද අයදුම්පත්‍ර මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබා ගත හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
264










