අධිකරණය යටපත් කළ රහසක්!

අධිකරණය යටපත් කළ රහසක්!

මෙරට අධිකරණ පද්ධතිය දේශපාලනයට යට කිරීම පිළිබඳව කරුණු ගණනාවක් 1977 අයවැය ඉදිරිපත් කරමින් රොනී ද මැල් ප්‍රකාශ කළ අතර ඉන් වසර කිහිපයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ නිවාසවලට මැර ප්‍රහාර එල්ල කර අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව දෝශාභියෝගයක් පවා ගෙන එනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ “17 වසරක සාපයට” මුල පුරමින් පොදු ජනයා අතර ඊට වෙනස් මතයක් ගොඩ නැගීම සිදු කරනු ලැබීය. රොනී ද මැල් එදා අධිකරණය පිළිබඳව කළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.

“අපේ රට වැසියාට ආඩම්බර විය හැකි තවත් දෙයක් තිබුණා නම් ඒ මේ රටේ අධිකරණ ක්‍රමයයි. අපගේ අධිකරණය ස්වාධීනයි, ප්‍රවීණයි, මුළු ක්‍රමයම සලකා බැලූ විට කාර්යක්ෂමයි, අවංකයි. මේ නිසා එයට ලෝකයේ උසස්ම නීති සංවිධාන අතරින් පවා නොයෙක් වර ප්‍රසංසා ලැබිණි. අධිකරණ කටයුතුවලට විධායකයේ ඇඟිලි ගැසීම් නිසා, පීඩාකාරී යුක්තිය පසිඳලීමේ පනත් නිසා ඒ අගනා ක්‍රමය බිඳ වැටෙන්නට විය. යුක්තිය පසිඳලීමේ පනතින් ප්‍රමාදයන් සහ අපහසුකම් නැති කළාට වඩා ඇති කළහ.” එදා රොනී ද මැල් එම චෝදනාව ඉදිරිපත් කළේ 1970 -1977 කාලෙයේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට ය.

Facebook
Twitter
LinkedIn