ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති

ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති

ඉන්ධන බෙදාහැරීම අත්හිටුවමින් වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට ඉන්ධන පිරවුම්හල්හිමියන් දිගින් දිගටම සඳහන් කළද අද (03) පස්වරුවේ ඔවුන් නිවේදනය කර ඇත්තේ එම වර්ජනය අතහරින බවය.

ආණ්ඩුව තීරණය කර ඇති ක්‍රමයට මාසයක කාලයක් පිරවුම්හල් ක්‍රියාත්මක කරන බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඛනිජ තෙගල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා අවස්ථාවක් ලබා දී ඇති බවත් ඔවූහු සඳහන් කරති. ඒ පිළිබඳව අවදානය යොමුකර ඉන්ධන ඇනවුම් කිරීමට තීරණය කළ බවත් එම රැස්වීමට වෙනත් සමාගම් යටතේ සිටින පිරවුම්හල්හිමියන්ට සභභාගිවීමට නොහැකි නම් `සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් සාකච්ඡාවට සහභාගි වී විසඳුමක් ලබාගනු ඇතැයි විශ්වාස කරන බවත් ඔවූහු පවසති.

Facebook
Twitter
LinkedIn