සියයට තුනේ තීරණයේ වෙනසක් නෑ – ඛනිජ තෙල් අධ්‍යක්ෂ කියයි

සියයට තුනේ තීරණයේ වෙනසක් නෑ – ඛනිජ තෙල් අධ්‍යක්ෂ කියයි

`සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ගෙවූ 3% වට්ටම් මුදල සම්බන්ධ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

`සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන් සමඟ හෙට (04) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී 3%ක වට්ටම් මුදල පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

3%ක වටට්ම අඩු කිරීම පිළිබඳව ජනමාධ්‍යයට ප්‍රකාශ දෙන බොහෝ පුද්ගලයන් `සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් නොවන බවත් ඔවුන්ට වට්ටම පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් අදාළ සමාගම් සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn