අපිට දීමනා ලැබියයුතුයි… නැත්නම් අපේ අභිමානයට හොඳ නැහැ… GMOA

අපිට දීමනා ලැබියයුතුයි… නැත්නම් අපේ අභිමානයට හොඳ නැහැ… GMOA

වෛද්‍යවරුන්ගේ මූලික වැටුපෙන් 1/80 දිමනාව 1/120 බවට පත් කර ඇති අබවත් නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 දීමනාව 1/30 බවට පත් කර ඇති බවත් එය වෛද්‍යවරුන්ගේ අභිමානයට හොඳ නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තමන්ගේ අභිමානය රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේදී වර්ජනයක් සිදු කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කියා සිටියේ,

“2025 අයවැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක කියන අගයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබාදෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා. වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි. නිවාඩු දින දීමනාව 1/20 නැවත ලබා දිය යුතුයි ඒක අපේ අභිමානයට හොඳ නැහැ.

06 වෙනිදා වනවිටත් මේ නිවැරදි කිරීම කරන්න, 07 වෙනිදා ඉඳන් අපි දැඩි තීන්දු තීරණ ගැනීමට නියමිතයි. 07 වෙනිදායින් පසු රජයට නැවත වරක් දෙවරක් සිතන්න වෙයි සෞඛ්‍ය සේවා පවත්වා ගන්නේ කොහොමද කියලා.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn