විදේශගත ශ්‍රමිකයින්ගෙන් ආදායම් බදු අයකරන බවට පුවත්පතක සඳහන් වූ පුවත අසත්‍යක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත අද (03) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේය.
ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ආදායම් බදු අය නොකරන බවට පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය නිවේදන මඟින්ද දැනුම්දී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මෙම අසත්‍ය පුවත පළ කිරීම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවද, මෙයින් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ආදායම් නිත්‍යාකූලව මෙරටට ගෙන ඒම අධෛර්යයට පත් කිරීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත පෙන්වා දෙයි.
මෙම පුවත පළ කිරීමට කටයුතු කළ සියලු දෙනා වරප්‍රසාද කමිටුවට හමුවට කැඳවා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත වැඩිදුරටත් සිට වරප්‍රසාද ප්‍රශ්නය මගින් ඉල්ලා සිටී.
උක්ත පුවත පල කර තිබුණේ දෙරණ අරුණ පුවත්පත මගිනි.










