බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදය අද (02) දිනට යොදා ගෙන තිබියදී රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති කරමින් විශාල ප්‍රචාරක වාසියක් ගැනීමට පාර්ශව ගණනාවක් කර තිබූ කුමන්ත්‍රණකාරී සැලසුම් සම්පූර්ණයෙන් ම පරාජය කර ඇත.
ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග රට තුළ තිබියදී ඒවා බෙදා හැරීමෙන් වැළකී සිටීමෙන් අර්බුදයක් මතු කිරීම එම කුමන්ත්‍රණයේ සැලසුම්කරුවන්ගේ අරමුණ විය. ඒ අනුව හිරු, දෙරණ මාධ්‍ය ජාලා ප්‍රමුඛ ප්‍රචාරක කටයුත්තක් ගෙනගිය අතර ඇතැම් සමාජ මාධ්‍ය පිටු ද ඒ වෙනුවෙන් මැදිහත්විය.
එහෙත්, මහජනතාව ඍජුව ම අදහස් දක්වමින් කියා සිටියේ එම කඩාකප්පල්කාරීන්ට එරෙහිව හමුදාව යොදවා හෝ ඉන්ධන බෙදා හැරීම කළ යුතු බව ය. රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත්, අධිකරණය විසින් ලබා දී තිබෙන තීන්දුව අනුව ක්‍රියා කරමින් ඉන්ධන බෙදා හැරීමේදී එතෙක් වැරදි ගණනය කිරීම අනුව වැඩිපුර ගෙවන ලද අතිරික්ත ගෙවීම් අත්හිටවූ බවත් ආණ්ඩුව අවධාරණය කළේය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට විවිධ අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩාල කර බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී විශාල ගෝෂාවක් ඇති කිරීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සැලසුම් කර තිබිණි. ඒ මගින් රට තුළ අස්ථාවරත්වයක් ඇති බව පෙන්වීමට දරා තිබූ ප්‍රයත්නය මහජනතාව අවදි සිහියෙන් කටයුතු කිරීම සහ ආණ්ඩුවේ මැදිහත්වීම මත සම්පූර්ණයෙන් ම පරාජය කර තිබේ.









