කීත් නොයාර්ට පහරදීම: තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

කීත් නොයාර්ට පහරදීම: තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර්ට 2008 වසරේ සිදු කළ පහරදීමට අදාළව අද (03) දින තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගලදීය.

පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදු කර තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙයට අදාළව ඊයේ (02) රාත්‍රියේදීද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් යුධ හමුදා බුද්ධි අංශයේ සේවය කර විශ්‍රාමගත් දෙදෙනෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Facebook
Twitter
LinkedIn