ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් 1977 නොවැම්බර් 15 වෙනි දින මංගල අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍ය රොනී ද මැල් බරපතළ අනතුරු ඇඟවීමක් කර තිබූ ආකාරය හෙළිවී තිබේ.
ඊට අදාළ ප්‍රකාශය ඔහුගේ අයවැය කතාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.
“පුරා අවුරුදු 20කටත් වැඩි දීර්ඝ කාලයක් තිස්සේ නානාප්‍රකාර ආකාරයේ ආර්ථික බැඳීම් සහ සීමා කිරීම් නිසා ආර්ථික වෘධියත් ආර්ථික සංවර්ධනයත් අවහිර තත්වයටත් අබලන් තත්වයටත් වැටුණායින් පසුව නිදහස් නිවහල් ආර්ථිකයක් ගොඩ නැගීම එතරම් සුළුපටු වැඩක් නම් නොවෙයි. ඒ සඳහා බරපතළ ශල්‍යකර්මයක් කළ යුතුව තිබේ. ශල්‍යකර්මය ලෙඩා නොමරා සාර්ථකව කළ යුතුව ඇත. අපේ ආර්ථිකය නිදහස් කර ගැනීම සඳහා මිල මුදල් සහ දුක් කම්කටොලු වශයෙනුත් හෑහෙන කාලයක් අපේ මහජනතාවට දැරීමට සිදුවන බර ද මම අඩුවෙන් තක්සේරු නොකරමි.” යනුවෙන් සඳහන් කර ඇත.
එම මාර්ගයේ අවසාන ප්‍රතිඵලය ලෙස 2022 අප්‍රේල් මාසයේදී රාජ්‍ය බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සිදුවිය.










