පාතාලය එක්ක ගනුදෙනු කරන ආරක්ෂක නිලධාරින්ට දැල එලයි

පාතාලය එක්ක ගනුදෙනු කරන ආරක්ෂක නිලධාරින්ට දැල එලයි

පාතාලය සමඟ සමීප සබඳතා පවත්වන සියලු‍ම ආරක්ෂක අංශ නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි වාර්තාවක් මේ වනවිට සකසමින් ඇතැයි වාර්තා වේ.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් පාතාල සාමාජිකයන් සමඟ සිදුකළ කතාබහ සහ ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු ලැබෙමින් පවතින බවද වාර්තා වේ.

එසේම පසුගිය කාලයේ බඳවාගත් ඇතැම් ආරක්ෂක සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් පාතාල සාමාජිකයන් බවට තොරතුරු ලැබෙමින් පවතින නිසා ඒ සම්බන්ධයෙන්ද පූර්ණ විමර්ශනයක් සිදුකෙරෙන බවද වාර්තා වේ. කෙසේ වෙතත් යම් ආරක්ෂක සාමාජිකයකු පාතාලය සමඟ ගනුදෙනු කර ඇති බවට තහවුරු වුවහොත් ආයතනික නීතිය යටතේ සහ අපරාධ නීතිය යටතේ ක්‍රියා කළ හැකි බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn