2023 මැයි මාසයේ සිට 2024 ජුනි දක්වා කාලය තුළ බාල වයස්කරුවන් 683 දෙනෙකු ගෘහ සේවය සඳහා විදෙස්ගත කර ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීය.
එම කාලසීමාව තුළ නේවාසික පුහුණුවකින් තොරව ගෘහ සේවිකාවන් විදෙස්ගත කිරීම හේතුවෙන් කාර්යංශයට රුපියල් කෝටි 63ක පමණ මුදලක් අහිමිවී ඇතැයිද කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි.
196










