අධික වැසි නිසා යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ

අධික වැසි නිසා යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම වනෝද්‍යානය භාරකාරු මනෝජ් විද්‍යාරත්න පවසයි.

පවතින වැසි තත්වය පහව යනතුරු මෙම තීරණය ගත් බවත්, පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවයි ඔහු සඳහන් කරයි.

ඒ අනුව, වන සතුන්ගේ ආරක්ෂාව හා සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇති බවත්, යාල කලාප අංක 01ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසා දමා තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn