මහනුවර විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණෙයි

මහනුවර විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණෙයි

මහනුවර විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය හා කොළඹ වරාය නගරය නැරඹීම සඳහා අද (09) පැමිණ තිබේ.

ජනාධිපති කාර්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසහටන තුළින් පාසල් දරුවන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. මහනුවර විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට මෙම අවස්ථාව හිමි වී ඇත්තේ මේ වැඩසටහනට සමගාමීවය.

ඒ අනුව මෙම ශිෂ්‍යාවන්ට පරණ පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ දැනුම්වත් කිරීමද සිදු කර ඇත.

ජනාධිපති නීතී අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් සහ මහනුවර විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි නිලක්ෂිකා හපුගොඩ ඇතුලු ගුරුභවතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn