වන ජීවී දෙපාර්තමේන්තුව බාරයේ තිබූ දුර්ලභ ගණයේ ඇත් දළ යුගලක් එවකට හිටපු ඇමති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුගේ නිල කාමරයට 2017 වසරේදී ලබාගෙන තිබී ඇත.
ඉන්පසුව මහවැලි සංවර්ධන සහ පරිසර ඇමති ධුර දැරූ අනෙකුත් ඇමතිවරුන්ද එම ඇත්දළ යුගල ඇමති නිල කාමරයේම තබාගෙන සිට ඇත.
පසුගිය 07වැනි දින නව පරිසර ඇමති ලෙස විජිත හේරත් පත්වීමෙන් පසු නැවත වන ජීවී දෙපාර්තමේන්තුවට බාරදී තිබේ.
එය එම දෙපාර්තමේන්තුවට ලබාදී ඇත්තේද පරිසර වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප‍්‍රජා යටිතල පහසුකම් ඇමති විජිත හේරත්ගේ උපදෙස් අනුවය.
1,472










