හෙට (10) අලුයම් කාලයේදී, ඇමෙරිකාවේ ප්ලොරිඩා ප‍්‍රාන්තයට කඩා වදින සුළි කුණාටුවට මුහුණ දීම සඳහා වූ පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස ගුවන් ගමන් වාර 781ක් අවලංගු කර ඇති බව නිවේදනය කර තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය මේ වනවිටත් කාලගුණ විද්‍යා අනතුරු ඇඟවීම් මූලාශ‍්‍ර කර ගනිමින් හෙළි කර තිබෙන්නේ ඉතා ප‍්‍රභල කුණාටුවක් කඩා වැදීමට නියමිත බවය. එම කුණාටුව ”මිල්ටන්” යනුවෙන් නම්කර ඇත. පැයට කිලෝමීටර් 270 ඉක්මවූ වේගයකින් එය කඩා වැදෙනු ඇතැයි අනතුරු අඟවා තිබේ.
මෙයින් ආරක්ෂා වීම සඳහා ලක්ෂ 40ක පමණ ජනතාවක් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ප‍්‍රාන්ත බලධාරීන් නිවේදනය කර තිබේ. ජලය ලීටර් මිලියන 40ක් පමණ මෙන්ම ආහාර වේල් මිලියන 36ක් පමණද ඔවුන් වෙනුවෙන් සූදානම් කළ යුතු බව එම බලධාරීන් වැඩිදුරටත් දක්වා ඇත.
849










