නාම යෝජනා ගැන රහසක් රකීම් හෙළිකරයි…

නාම යෝජනා ගැන රහසක් රකීම් හෙළිකරයි…

නොවැම්බර් 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් සමගි ජන බල සංධානයේ නාම යෝජනා සකස් කිරීමේ ගැටුම් තවදුරටත් ඉහළ ගොස් ඇති බව හෙළිවී තිබේ.

අද (09) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවුෆ් හකීම් දැක්වූ කරුණුවලින් මේ බව තහවුරු වී තිබේ.

ඔහු සඳහන් කළේ සමහර දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් පිළිබඳ තවමත් අවසන් එකඟත්වයන්ට පැමිණ නැති බවයි. එසේම අපේක්ෂක සංඛ්‍යාව තීරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වට හතරක් පවත්වන ලද බවද ඔහු හෙළිකරනු ලැබීය.

අපේක්ෂක නාම යෝජනා සම්බන්ධයෙන් පවතින විරෝධතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එරාන් වික‍්‍රමරත්නගේ ප‍්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල කමිට්වක්ද මේ වනවිට පිහිටුවා ඇත. එසේ තිබියදී රවුෆ් හකීම් සඳහන් කළේ අපේක්ෂක සංඛ්‍යාව පිළිබඳ ගැටලුව පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රිය වනවිට හෝ ලැබේ යැයි අපේක්ෂාවෙන් සිටින බවය.

ලබන 11 වැනි දින දහවල් 12.00ට නාම යෝජනා බාර ගැනීම අවසන් කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්