පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස වෙත දිනා ගන්නා ලද හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් මේ වන විට හොර රහසේම පිල් මාරුකර ඇති බව අනාවරණය වේ.
මේ බව හෙළි වූයේ අද (09) රංජන් රාමනායක විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කිරීමත් සමගය. එම අවස්ථාවට තිලකරත්න දිල්ශාන්ද එක්වී මාධ්‍යයට අදහස් දක්වා තිබිණි.
මෙම මහා මැතිවරණය වෙනුවෙන් තිලකරත්න දිල්ශාන්ගේ බිරිඳට කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබාදීමේ සූදානමක් සජිත් පිලෙන් පවතින බව මෙයට පෙර හෙළිවී තිබිණි. එමෙන්ම එම පිලේ බලපිටිය ආසන සංවිධායක ලෙස ඔහු පත්කර තිබූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
14,561










