තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු වී සිටියදී ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සහ ගිනි අවි නැවත ලබා ගෙන ඇතැයි නීතිඥවරයෙකු වන චන්දිම වීරක්කොඩි මාධ්‍ය හමුවේ අඬෝවැඩියාවක් නගා තිබේ.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත විසින් නිකුත් කළ නිවේදනයක් අනුව නොවැම්බර් 07 වෙනි දිනට පෙර ගිනි අවි බාර දිය යුතු බව සඳහන් කර ඇත. ඒ සමඟම ගිනි අවි සන්තකයේ තබා ගැනීමට අවශ්‍යව සිටින පිරිස් ඒ පිළිබඳව අභියාචනා මෙම මස 30 වෙනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ද එම නිවේදනයෙන් දන්වා ඇති අතර ගිනි අවි ලබා දීමට සුදුසු පුද්ගලයින් හට නැවත ලබා දෙන බව ද නිවේදනයේ සඳහන් කර තිබේ.
එසේ තිබියදී මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු වන තමා හට ආරක්ෂක නිලධාරීන් සහ ගිනි අවි නොමැති වීමෙන් අනාරක්ෂිත බව දක්වා අනුකම්පා ඡන්ද ලබා ගැනීමේ ප්‍රචාරක මෙහෙයුමක් ඡන්දිම වීරක්කොඩි විසින් දියත් කර ඇති බව පැහැදිලි වේ.
පසුගිය කාලයේ දියත් කරන ලද ඇතැම් සංවිධානාත්මක අපරාධවලට මෙම ගිනි අවි යොදා ගෙන ඇති බවට සැකයක් ජනතාව අතර පවතී.










