හිටපු ඇමති ජීවන් තොන්ඩමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්වයක්ක් පැනනැඟී තිබේ.
මහ මැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලු ගණනාවක් හේතුවෙන් එසේ වී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගැටලු හේතුවෙන් එම පක්ෂයේ උප සභාපති භාරත් අරූල් සාමි ඊයේ (08) පක්ෂයෙන් ඉවත්වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ලිපිය ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වෙත භාරදී තිබේ.
අරූල් සාමි පසුගිය 2020 මහ මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කර මනාප 24,000ක් ලබාගෙන ඇත.
සිය පක්ෂය ජාතික අර්බුද අවස්ථාවකදී තම වාසිය තකා රටට හානිකර ඇති බවත් තමන්ගේ හෘද සාක්ෂිය ඊට එකඟ නොමැති බවත් භාරත් අරූල් සාමි සඳහන් කරයි.
9,753










