පවිත්‍රාත් දෙලොවක් අතරට

පවිත්‍රාත් දෙලොවක් අතරට

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීම අවසන් වීමට තව දින දෙකක් පමණක් ඉතිරිව තිබියදි හිටපු මන්ත්‍රීවරු විශාල පිරිසක් කිසිදු හව්හරණක් නැති දේශපාලන අනාතභාවයකට පත්වී සිටිති.

රත්නපුර දිස්ත්‍රික්කයේ පවිත්‍රා වන්නිආරච්චි, කුරුනෑගල දයාසිරි ජයසේකර මෙන් ම, මහාචාර්ය චරිත හේරත්, ගාල්ලෙන් ශාන් විජේලාල් අනුරාධපුරයෙන් එස්. එම්. චන්ද්‍රෙස්න ඇතුළු හිටපු ප්‍රබලයින් රැසක් මේ තත්වයට මුහුණ දී සිටිති.

මේ අතර, තලතා අතුකෝරල, නිමල් ලන්සා, ප්‍රසන්න රණතුංග ඇතුළු තවත් පිරිසක් අවසන් මොහොතේ කුමන තීරණයක් ගන්නේ දැයි ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල කතාබහක් ඇති වී තිබේ. නැවත මැතිවරණවලට ඉදිරිපත් නොවන පිරිස මේ වනවිට 60ක් පමණ වන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්