ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරු දෙදෙනෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සහ අජිත් නිවාඩ් කබ්‍රාල් යන දෙදෙනාට එරෙහිව මේ වනවිට අධිකරණය හමුවේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතී.
අජිත් නිවාඩ් කබ්‍රාල් එක්සත් ජාතික පක්ෂයේ සිට රාජපක්ෂ පිලට එක් වු අතර නීති විරෝධී මූල්‍ය සමාගම් ගණනාවක් පවත්වා ගෙන යාමට වසර කිහිපයක් පුරා ඉඩ ලබා දී තිබිණි. ගෝල්ඩන් කී, ගෝල්ඩන් ශ්‍රී රාම් වැනි එම මුල්‍ය සමාගම් පසුව බිඳ වැටුණු අතර මහජන ධනය වැය කරමින් එම තැන්පත්කරුවන්ට යම් ප්‍රමාණයක වන්දි ගෙවන ලදී.
රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ගෙන්වා ගෙන මහ බැංකු අධිපති ධුරයට පත් කරන ලද අතර කුප්‍රකට බැඳුම්කර කොල්ලයෙන් පසුව, රටින් පැන ගොස් නීතියෙන් සැඟවී සිටී.
මේ සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය සවිස්තරව හෙළි කළ විඩියෝව පහත දැක්වේ.
3,573










