එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත 51/1 කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය තීරය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීන්දු ප්‍රකාශ කිරිමේ මාධ්‍ය හමුවට එක් වෙමිණි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවත් ඔහු එහිදී පැවසීය.
එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට තීරණය කළ බවද ඔහු පවසයි.
ඒ, අනුව ගිය මස 09 වනදා සිට මේ මස 11 දක්වා ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යවරයා වන විජිත හේරත් ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.










