ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා එම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙවර මහ මැතිවරණය සදහා තරග කිරීමට ඔහුට අවස්ථාව ලබා නොදීමට එම පක්ෂය කටයුතු කර ඇති බවත් එය ඔහුගේ මෙම තීරණයට හේතු වී ඇති බවත් සඳහන් වේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදී සහයෝගය දැක්වූයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසටය.
1,219










