මෙරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාපත් කර ගැනීම සඳහා ලබන නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත්වන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අත්සන් කිරීමේ කටයුතු හෙට (09) සිදු කිරීමට නියමිතය.
ඒ අනුව හෙට පෙ.ව. 10.00ට සිට ජනතා විමුක්ති පෙරුමණේ ප්‍රධාන කාර්යාලයේදී මෙම කටයුතු සිදු කෙරෙන අතර මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ නීතිඥ සුනිල් වටගල ඇතුළු පක්ෂ නායකයින් සහභාගී වීමට නියමතිය.
935










