වැඩබලන පොලිස්පති ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එම ධුරයේ තවදුරටත් කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) අනුමත කර තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එම ධුරයට පත් කිරීමට අදාළ ජනාධිපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබිණි
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00ට රැස්වූහ.
වැඩබලන පොලිස්පති දින 14කට වැඩි කාලයක් එම ධුරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතුවේ.
පොලිස්පති දේශබන්දු දෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් වැළැක්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු විය.
වත්මන් ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති ලෙස පත්කරනු ලැබීය.










