රනිල් වික්‍රමසිංහ පොහොට්ටු හවුල් ආණ්ඩුවේ ඇමතිවරු අයතා ආකාරයට නිල නිවාස මෙන්ම ආමාත්‍යාංශවල ගෘහ භාණ්ඩ පාවිච්චි කරන ලද ලැජ්ජා නැති ආකාරය හෙළි වෙමින් තිබේ.
හිටපු ඇමති මහින්ද අමරවීර අද (08) ඔහු පදිංචිව සිටි කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිල නිවාසය සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දුන් බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබිණි. නමුත් සත්‍යය වන්නේ එම නිවාසය බාලිකා විද්‍යාලයට පවරා දීමට තීරණය කළ පසුවත් අද දක්වා ඔහු රැඳී සිට අනුර දිසානායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල ආණ්ඩුවේ මෙහෙයුම් හමුවේ බාරදීමට සිදුවීමය.
එමෙන්ම පරිසර අමාත්‍යාංශයට මිල දී ගෙන තිබූ ඉහළ වටිනාකමකින් යුක්ත ගෘහභාණ්ඩ ඔහුගේ නිල නිවාසයට ගෙන ගොස් තිබී අද නැවත වරක් එම අමාත්‍යංශයට ගෙනවිත් බාර දී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය පල කර මෙවැනි පොහොට්ටු මන්ත්‍රීවරු පිළිබඳව මෙන්ම ජනතා දේපළ අයතා ලෙස පරිහරණය කළ තවත් ඇමතිවරු පිළිබඳවද තොරතුරු හෙළිවෙමින් පවතී.











