ලංකාව සහ රුසියාව අතර රේගු සහයෝගිතා ගිවිසුමකට අනුමැතිය

ලංකාව සහ රුසියාව අතර රේගු සහයෝගිතා ගිවිසුමකට අනුමැතිය

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (08) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ අවසථාවට එක් වෙමිණි.

මෙම ගිවිසුම අත්සන් තැබීමේ ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ 2021-11-15 දින වන නමුත් මේ දක්වාඑම ගිවිසුම අත්සන් තබා නැත. ඒ අනුව දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා තුළින් හිමි වන ප්‍රතිලාභ හා ද්වීපාර්ශ්වික රේගු සහයෝගිතාවේ නැගි එන ප්‍රවණතා සැලකිල්ලට ගෙන, එකී ගිවිසුමට අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්