නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් විද්වතුන් ඇතුළු නවක පිරිසක් දේශපාලනයට හඳුන්වාදීමත් සමඟ අනෙකුත් සියළු පක්ෂ අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේදී අර්බුද රැසකට මුහුණ දී ඇති බව වාර්තා වී තිබේ.
පසුගිය 06 වෙනි ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මේ බව වාර්තා කර තිබිණි. “චෝදනා ලැබූවන් ඉවත් කළ නොහැකිව අපේක්ෂක ලැයිස්තු අර්බුදයක“ යන සිරස්තලයෙන් එය වාර්තා කර තිබූ අතර වැඩි දුරටත් දැක්වෙන්නේ අධිකරණවල නඩු පවතින අය ද එම ලැයිස්තු අතර සිටින බව ය.
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා ලබා ගනිමින් දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති පිරිස් හඳුනා ගෙන ඉවත් කිරීමට එම දේශපාලන පක්ෂ දැඩි ප්‍රයත්නයක යෙදී සිටින්නේ යැයි ද එම වාර්තාවෙන් දක්වා ඇත.
සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම අර්බුදයට මුහුණ දී ඇතැයි වැඩි දුරටත් එමගින් දැක්වේ.










